බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් සියලු ආකාරයේ ක්‍රිකට් වර්ජනය කරන බවට අනතුරු අඟවා තිබෙනවා.
ක්‍රීඩකයින්ට එරෙහිව කළ අපහාසාත්මක ප්‍රකාශ හේතුවෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අධ්යක්ෂවරයෙක් වන නජ්මුල් ඉස්ලාම් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩකයින් පවසනවා.
මණ්ඩලයේ මූල්‍ය කමිටු සභාපතිවරයා වන නජ්මුල් පවසා තිබුණේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ඔවුන් වෙනුවෙන් වැය කරන “කෝටි ගණන් ටකා” ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බව තමා විශ්වාස කරන බවයි.
එම ප්‍රකාශයෙන් පැය කිහිපයක් තුළ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සුභසාධන සංගමයේ සභාපති මොහොමඩ් මිතුන් පැවසුවේ ඔහු ඉල්ලා අස්නොවන්නේ නම් අද පැවැත්වෙන බංග්ලාදේශ් ප්රීම්යර් ලීග් තරගාවලියේ මිට සියලු තරගවලින් ක්‍රීඩකයින් ඉවත්වන බවයි.
අද BPL තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.
ESPNcricinfo වෙබ් අඩවියට අනුව, කණ්ඩායම් නායකයින් වන නජ්මුල් හොසේන් ෂැන්ටෝ , මෙහිදි හසන් මිරාස්, මහෙඩි හසන් සහ මොහොමඩ් මිතුන් මෙන්ම පුහුණුකරු කලීඩ් මහමුද් තරග වර්ජනයට සහය පල කර තිබෙනවා.
කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ මූල්‍ය කමිටු සභාපතිවරයාගේ අදහස හුදු පෞද්ගලික මතයක් විනා නිල ප්‍රකාශයක් නොවන බවයි.
බංග්ලාදේශ හිටපු නායක තමීම් ඉක්බාල් ඉන්දීය ඒජන්තවරයෙක් බවට නජ්මුල් පසුගියදා තැබූ ෆේස්බුක් සටහනක් ද දැඩි ආන්දෝලනයට ලක් වුණා.





