හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ප්රකාශයට පත්කිරීම පෙබරවාරි මස 11 වැනිදා දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.
2022 මැයි මාසයේ ගෝල්ෆේස් අරගලය අතරතුර නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණා.





