අපි එක්සත් ජනපදයට වඩා ඩෙන්මාර්කය තෝරා ගන්නවා, ග්‍රීන්ලන්ත අගමැති පවසයි

තේරීමක් පිළිබඳ ඉල්ලා සිටියහොත් තම ජනතාව එක්සත් ජනපදය වෙනුවට ඩෙන්මාර්කය තෝරා ගනු ඇතැයි ග්‍රීන්ලන්ත අගමැති පවසා තිබෙනවා.

ඩෙන්මාර්කයේ අගමැති සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අගමැති ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් මේ බව සඳහන් කළා.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමේ සැලැස්ම අලුත් කළ දා සිට අර්ධ ස්වයං පාලන ඩෙන්මාර්ක භූමියේ නියෝජිතයෙකු විසින් කරන ලද ප්‍රබලම ප්‍රකාශය මෙයයි.

රුසියාව සහ චීනය විසින් භාවිත කිරීම වැළැක්වීමට නම් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය විසින් “අයිති කර ගැනීමට” අවශ්‍ය බව ට්‍රම්ප් පවසනවා.

ධවල මන්දිරය දූපත මිලදී ගැනීමට යෝජනා කර ඇති නමුත් එය ඈඳා ගැනීම සඳහා බලය යෙදවීම ප්‍රතික්ෂේප කර නැහැ.

නේටෝ සාමාජික ඩෙන්මාර්කය මෙන්ම අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් ද අනතුරු අඟවා ඇත්තේ හමුදා බලය යෙදවීම නේටෝ සංවිධානයේ අවසානය සනිටුහන් කරන බවයි.

Share