ඉරාන බලධාරීන් ඝාතන සඳහා “ඉහළ මිලක් ගෙවනු ඇති” බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘෘත් සෝෂල් හි සටහනක් තබමින් පවසනවා.
එමෙන්ම “විරෝධතා දිගටම කරගෙන යන ලෙස” ඇමෙරිකානු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
විරෝධතාකරුවන් අඥාන ලෙස ඝාතනය කිරීම නතර වන තුරු මම ඉරාන නිලධාරීන් සමඟ සියලු රැස්වීම් අවලංගු කළ බව පවසන ට්‍රම්ප් උපකාර ඉරානය වෙත යොමු කර ඇති බවද සඳහන් කර තිබෙනවා.
නමුත් උපකාර මොනවාදැයි විස්තර කර නැහැ.
ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් සටහන අවසන් කර තිබුණේ Make Iran Great Again ලෙසයි.
ඉරානය සමඟ වෙළඳාම් කරන ඕනෑම රටකට 25% ක තීරුබදු දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති ට්‍රම්ප්, මර්දනයට ප්‍රතිචාර වශයෙන් මිලිටරි සහ වෙනත් විකල්ප සම්බන්ධයෙන් තීරණය කරමින් සිටිනවා.
වාර්තා වන පරිදි, පළාත් 31 ක නගර සහ නගර 180 ක් දක්වා ව්‍යාප්ත වී ඇති විරෝධතා අතරතුර මේ වන විට දෙදහසකට වඩා මියගොස් තිබෙනවා.
ඉරාන මුදල් ඒකකය බිඳවැටීම සහ ජීවන වියදම ඉහළ යාම මත ආරම්භ වු විරෝධතා දින කිහිපයක් තුළ දේශපාලන වෙනසක් සඳහා වන ඉල්ලීම් දක්වා පුළුල් වුණා.





