ජර්මානු චාන්සලර් සිය ධුර කාලය තුළ පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භයි

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සිය ධුර කාලය තුළ පළමු ඉන්දීය නිල සංචාරය අද ආරම්භ කළා.
මෙම දෙදින සංචාරය ඔහුගේ ආසියාවේ පළමු ප්‍රධාන සංචාරය සනිටුහන් කරන අතර නවදිල්ලිය සමඟ උපායමාර්ගික හා ආර්ථික සබඳතා පුලුල් කිරීමේ බර්ලිනය දක්වන අවධානය පිළිඹිඹු කරන්නක්.
අහමදාබාද් වෙත පැමිණි මර්ස් සහ මෝදි, විසින් රිවර්ෆ්‍රොන්ට් උද්‍යානයේ පැවති ජාත්‍යන්තර සරුංගල් සැණකෙලියක් ද විවෘත කළා.
එහිදී නායකයින් දෙදෙනා සරුංගලයක් පියාසර කරන ආකාරය ද දක්නට ලැබුණා.

ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකයක් සමඟ වෙළඳාම, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි ජර්මනියේ අවධානය පිළිබිඹු කරමින් ව්‍යාපාරික නායකයින් විශාල පිරිසක් සමඟ ජර්මානු චන්සලර්වරයා සාකච්ඡා පැවැත්වූ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Share