අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර කැබිනට් සංශෝධනයක් සිදු කරන ලෙස දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ජනාධිපතිවරයා වෙත සංදේශයක් යොමුකරමින් ඉල්ලීමක් කර තිබෙනවා.
උන්වහන්සේ මෙම සංදේශය මඟින් පෙන්වා දෙන්නේ ක්‍රියාත්මක කිරීමට නියමිත, අත්තනෝමතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බරපතළ අන්තරායක තත්ත්වයකට මුහුණ දී ඇති බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් යොමු කරමින් දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ දුර්වලමෙන්ම ජනතාව හා රට පිළිබඳ තැකීමක් නොමැති ආණ්ඩුවක සෘජු හානිය සිදුවන්නේ රටට හා ජනතාවට බවයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භික්‍ෂුන්ගෙන්, ආගමික පුජකයින්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ අධ්‍යාපන විශේෂඥයින්ගෙන් අදහස් ලබාගෙන නොමැති බැවින් එය විනිවිදභාවයෙන් තොර බව ද උන්වහන්සේ සිය ලිපිය මගින් පෙන්වා දෙනවා.
එබැවින් ප්‍රතිසංස්කරණ ගෙන ආ ක්‍රමවේදය මුල සිටම වැරදි සහගත බවත්, එහි වලංගුතාවයක් නොමැති බවත් අදාළ සංදේශයේ සඳහන්.
එම අනතුරින් රටත්, ජනතාවත්, බුද්ධ ශාසනයත් බේරා ගැනීමට රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කඩිනමින් කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවද පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සිය සංදේශයේ සඳහන් කර තිබෙනවා.





