පැය කිහිපයක් සඳහා අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඇතුළු දූත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද උදෑසන පැවැත්වුණා.
වැන්ග් යී මහතා ශ්‍රි ලංකාවට පැමිණියේ සිය අප්‍රිකානු සංචාරය නිමවා නැවත චීනය බලා යන අතරතුරයි.
චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මහතා දකුණු අප්‍රිකාවේ ඩර්බන් සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.
ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද මෙරටට පැමිණියා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව හා ඕෂනියාව භාර අධ්යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
දිවයිනට පැමිණි වැන්ග් යී මහතා කටුනායක හෝටලයක දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග අද පෙරවරුවේ ද්වි පාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා.
මීට පෙර වාර්තා වුණේ විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවේදී පෝර්ට් සිටි ව්‍යාපෘති ඇතුළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම මෙන්ම නව චීන ආයෝජන පිළිබඳ වැඩි අවධානය යොමු වනු ඇති බවයි.
චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස අද දහවල් යළි චීනය බලා පිටත්ව යනවා.





