සිරියාවේ අයි එස් ඉලක්ක වෙත ඇමරිකාව විසින් මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු හමුදාව පවසනවා.
මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දෙසැම්බර් 13 වැනි දා සිරියාවේ ඇමරිකානු හමුදාවන්ට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයට පළිගැනීමක් ලෙසයි.
ඇමරිකාව සහ එහි හවුල්කාර හමුදා ගුවන් යානා 20 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති අතර ඉලක්ක 35කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.





