විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහය කට සැරසෙයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් තමන් තවත් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
දරුවන් උදෙසා වැඩිහිටියෝ සංවිධානය මගින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට, එහි කැඳවුම්කරු වශයෙන් එක්වෙමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ලබන සඳුදා උදෑසන 9 ට අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී එම සත්‍යග්‍රහය ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.
විමල් වීරවංශ මහතා, මෙරටට සිදු කරන අනවශ්‍ය අතපෙවීම් නවතන ලෙස ඉල්ලා මීට පෙර එක්සත් ජාතීන්ගේ විධානයේ මෙරට කාර්යාලයේ ඉදිරිපිටදීත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වුනා.
එම තොරතුරු ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පක්ෂ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දැක්වූ අදහස් කිහිපයක් දැන්.

Share