බේරුවල රෝහල මංසන්ධිය අසලදී මාළු ලොරියක ගැටී තරුණයෙකු මරුට

බේරුවල රෝහල මංසන්ධිය අසලදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් 26 හැවිරිදි විවාහක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
අද අලුයම 5.40ට පමණ අලුත්ගම කළුවාමෝදර සිට බේරුවල දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක්, කළුතර දෙසින් පැමිණ මාර්ගය හරහා හැරවූ මාළු ලොරි රථයක පසුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Share