චීන සමාගම් සඳහා ලංසු තැබීමේ සීමාවන් ඉවත් කිරීමට ඉන්දියාව සැලසුම් කරයි

ඉන්දීය රජයේ කොන්ත්‍රාත්තු සඳහා ලංසු තැබීම වළක්වාලමින් චීන සමාගම් සඳහා පනවා තිබු පැරණි සීමා ඉවත් කිරීමට ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය සැලසුම් කරන බව රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරනවා.
මෙම සීමා ඉවත් කෙරෙන්නේ නවදිල්ලිය දේශසීමා ආතතීන් අඩු පරිසරයක වාණිජ සබඳතා නැවත ඇති කිරීමට උත්සාහ කරන පසුබිමකයි.
2020 දී රටවල් දෙක යුධ ගැටුම් වලට මැදි වීමත් සමග මෙම සීමා කිරීම් සිදුවුනා.
කෙසේ වෙතත් මෙම සීමා ඉවත් කිරීමේ අවසන් තීරණය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ කාර්යාලය විසින් ගනු ලබනු ඇති.

Share