පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ යෝජනාව කථානායකවරයා විසින් ප්‍රතික්ෂේප කරයි

අධිකරණ සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ විමසීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටි විපක්ෂ යෝජනාව කථානායකවරයා විසින් අද ප්‍රතික්ෂේප කළා.
කෙසේ වෙතත් අදාළ තේරීම් කාරක සභාව ප්‍රතික්ෂේප කිරීම තුළින් අධිකරණ විනිසුරුවරුන්ට බරපතළ අසාධාරණයක් සිදුව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
එම කරුණ ඇතුළු ආන්දෝලනයට තුඩු දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මතු වූ තර්ක විතර්ක ඔස්සේ අදත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා.

Share