ජනපතිගේ පොරොන්දුව

ව්‍යසනයට මුහුණ දුන් ජනතාවට පෙර පැවතියාටත් වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්.

Rebuilding Sri Lanka’ යටතේ ආපදාවෙන් පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා වන්දි ප්‍රදානය සහ නව නිවාස ඉදිකර දීමේ PROJECT 5M වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල වසමේ, අලුබද්ද ගම්මානයේදී පැවැත්වුනා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම, තිරප්පනේ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යසනයෙන් පූර්ණ හානි සිදු ව එම ස්ථානයේම නිවස ඉදිකරගත හැකි බවට තත්ත්ව සහතික ලද නිවාස 26ක් වෙනුවෙන් වන්දි ප්‍රදානය සහ නව නිවසක වැඩ ආරම්භ කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා එක් වුනා.

Share