මේ වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4 ත් 5ත් අතර වර්ධනයක් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරනවා.
2026 සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය ප්‍රකාශයට පත් කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ පසුගිය වසර 2 පුරාවට ශ්‍රී ලංකා ආර්ථිකය විසින් අත්පත් කර ගත් වර්ධනීය ප්‍රවණතාවය තවදුරටත් ඉදිරියට ගෙනයමින් මෙම වර්ධනය අත්කර ගනු ඇති බවයි.
මේ අතර පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් බිලියන 6.8ක් ලෙස අර්ථික අර්බුදයෙන් පසු ඉහළම නිල සංචිත මට්ටමකට පැමිණ තිබෙනවා.
සුළි කුණාටුවට පෙර ප්‍රක්ෂේපනයන්ට අනුව උද්ධමනය 2026 වසරේදී ක්‍රමාණුකූළව වැඩි වීමක් අපේක්ෂා කෙරුනා
එහිදී උද්ධමනය 5% ඉක්මවීම අපේක්ෂා කෙරුණේ 2026 වසරේ දෙවැනි භාගයේදී
එහෙත් සුළි කුණාටුවේ විනාශයෙන් පැනනැගෙන උද්ධමනය ඉහළ පහළ යාමේ අවධානම් දැන් අපේක්ෂා කල හැකියි
දිට්වා සුළි කුනාටුවෙන් ඇතිවිය හැකි නිශ්චිත බලපෑම් සහ ඊට ප්‍රතිපත්තිමය වශයෙන් දක්වන ප්‍රතිචාරය අපේ ඊළඟ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කෙරෙනවා
සැපයුම් දාමයට සහ යටිතල පහසුකම් වලට සිදුවුනු විනාශය වර්ධන අපේක්ෂාවන්ට අහිතකර ලෙස බලපෑ හැකි අතර ප්‍රතිසංස්කරණ සහ ඊට අදාල ක්‍රියාකාරකම් වර්ධනයට ධනාත්මක ලෙසින් බලපායි
මෙහිදීත් වර්ධනය ඉහළ පහළ යාමේ අවධානම පවතිනවා
පසුගිය වසර දෙක තුල පැවති වර්ධන ප්රවනතාවන් සැලකූ විට 2026 වසරේදී මෙරට ආර්ථිකය 4% ත් 5% ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකියි
ඒ මෙම වසර සඳහා අපගේ ඇස්තමේන්තුවලට අනුවයි
ඒ වගේම වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලිම සහා ප්‍රතිසංස්කරණ සහ නැවත ගොඩගැනීම් සඳහා රජය මෙම වසරේ සිදු කරන අතිරේක පිරිවැය අනුව වර්ධනය වෙනස් විය හැකියි.
ලෝකයේ වෙනත් බොහෝ කළාප මෙන් කාළගුණික සිදුවීම් වාර්ථා වීම ශ්‍රී ලංකාවෙන් මෑත වසර වලදී දැකගත හැකි වුනා
එහිදී මිලගණන් සහ උද්ධමන අපේක්ෂාවන්ට බලපෑම් ඇති කරමින් සැපයුම් දාමයන්ට ඇතිවුනු කම්පනයන් පිළිබඳව මහ බැංකුව අවධානයෙන් පසුවනවා
එහෙත් උද්ධමනය කලමණාකරනය කිරීම සඳහා සැපයුම් දාමයට ඇතිවන තර්ජනයට ප්‍රතිචාර දැක්වීම සඳහා මහ බැංකුවට පවතින්නේ සීමිත ධාරිතාවක්
සැපයුම් සඳහා ඇතිවන එවැනි කම්පන සමනය කිරීම සඳහා ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් ලබා දී කටයුතු කළ යුතු වනවා
මෙම සන්ධර්භය තුල ජාතික හා ජාත්‍යන්තර පාර්ශවයන්ගේද සහය ඇතිව රට සාමාන්‍ය තත්ත්වයට ප්‍රකෘතිමත් කිරීම සඳහා ගනු ලබන පියවර පිලිබඳ ප්‍රශංසා කරන අතරම ආපදාවලට මුහුණ දීම සඳහා දිගුකාලීන සූදානමක් ඇති කිරිමට ප්‍රමුඛතාවක් ලබා දියයුතු බවත් අවධාරණය කරනවා
ගතවූ වසර පුරාම මෙරට විදෙස් සංචිත ඩොලර් බිලියන 6 ත් 6.3ත් අතර පැවතුනා
ඒ 2025 වසර අවසානයේ ඩොලර් බිලියන 6.8 ඉක්මවූ අතර එය අර්බුදයෙන් පසු වාර්තා වුණු ඉහළම සංචිත අගයයි
IMF පුරෝකතන සැලකීමේදී එය 2025 වසර අවසානයේදී ඔවුන් අපේක්ෂා කලේ ඩොලර් බිලියන 6.5ක් වුවත් අප ඊට වඩා අගයක් වන ඩොලර් බිලියන 6.8ක් රැස් කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා
සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී ඇති අතර ඒ අනුව එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සැලසෙනු ඇති .
මෙම නව වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදුකෙරෙන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1වනදා සිට ක්‍රියාත්මකයි





