පෙළ පොත් මුද්‍රණය කිරීම සහ පිළියෙල කිරීමේ වගකීම නැවත වරක් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයට ප්‍රශ්න සහගත වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව මල්වතු සහ අස්ගිිරි මහා නා හිමිවරුන් දැනුවත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයට ප්‍රශ්න සහගත වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද මල්වතු සහ අස්ගිිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවා.





