කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමුකළ දැඩි ප්‍රතිචාරයෙන් පසු එක්සත් ජනපද ජනාධිපතිවරයා කෙලොම්බියානු නායකයාට සාකච්ඡා සඳහා ධවල මන්දිරයට ආරාධනා කර තිබෙනවා.
කොලෙම්බියාව සම්බන්ධයෙන් පසුගිය දා පළ කළ දැඩි ස්වරය වහා මිත්‍රශීලී ස්වරයකට මාරු කරඇති එක්සත් ජනපද ජනාධිපතිවරයා, ඔහු සමග කළ දුරකථන සංවාදයකින් පසු කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ සමඟ කතා කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවත්, ඔහු සමග මත්ද්‍රව්‍ය සහ අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුමේ සටහන් කර තිබුණා.





