කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන 12 වැනිදා සිට

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් ලබන 12 වැනිදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.
විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇති වන ආපදා තත්ත්වයකට සූදානම් බව ද ඇය සඳහන් කළා.

Share