මෙරට නිල සංචිත ඉහලට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 වසර අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,825ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2025 නොවැම්බර් මාසය අවසානයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 6,034ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී දෙසැම්බර් මාසය තුළ 13.1% ක ඉහළ යාමක්.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම මට්ටම මෙය බවයි.

Share