මේ අතර අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස ද ධිවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටීන්නේ ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සදහන්.
මේ අතර කාලගුණ පුරෝකථන උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, අධ්යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඉදිරි පැය 24 තුළ දී මෙරටට ඇතුලු විමට නියමිත පීඩන අවපාතය පිළිබඳව මෙලෙස අදහස් පල කළා.
එහි දී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය තුළ යම් ආපදාවක් ඇති වුවහොත් ඊට මුහුණු දිමට සියල්ල සූදානම් බවයි.





