ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි සියල්ලම නිදහස් තරංග ඔස්සේ දේශීයව විකාශය කිරීමේ අයිතිය ටී.වී සුප්‍රීම් දිනාගනි

වසර 2028 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරනු ලබන ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි සියල්ලම නිදහස් තරංග ඔස්සේ දේශීයව විකාශය කිරීමේ අයිතිය ටී.වී සුප්‍රීම් හිමිකරගෙන තිබෙනවා.
ඒ මෙරට කේබල් ටී.වී විකාශන අයිතිය හිමි Dialog Television සේවාව සමග ඇතිකර ගත් ගිවිසුමකට අනුකූලවයි.
ඒ අනුව මෙම කාලසීමාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කෙරෙන ප්‍රධාන පෙළේ තරගාවලි අටක දේශීයව නිදහස් තරංග ඔස්සේ විකාශන අයිතිය ටීවී සුප්‍රීම් නාලිකාව සතු වනවා.

ටී.වී සුප්‍රීම් සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය සනිටුහන් වන්නේ ශ්‍රී ලංකාවේ Pay-TV සමාගමක් නිදහස් තරංග ඔස්සේ විකාශනය කරන විකාශකයෙකු සමඟ එවැනි සහයෝගීතාවයකට එළඹුණු පළමු අවස්ථාව ලෙසයි.
මෙම ගිවිසුමත් සමගින් 2028 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සියලු තරග TV Supreme නිදහස් තරංග ඔස්සේ මෙරට ක්‍රිකට් ලෝලී ප්‍රේක්ෂකයින්ට නැරඹිය හැකි වන අතර මෙම තරගාවලි සියල්ලේ මාධ්‍ය අයිතිය සතු වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ Pay-TV සේවා සපයන්නා වන Dialog Television සේවාවටයි.
රූපවාහිනී තිරයේ ක්‍රිකට් තරග නැරඹීමේ අත්දැකීම වඩාත් වැඩි පරාසයකට ගෙන යන මෙම සහයෝගීතාව අනුව මේ මස 15 වැනිදා සිම්බාබ්වේ හීදී ආරම්භ වන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියළු තරග දේශීය විකාශනය කෙරෙන්නේ ටීවී සුප්‍රීම් තරංග ඔස්සේයි.
ඉන් පසු පෙබරවාරි සහ මාර්තු මාසවල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන ICC පිරිමි T20 ලෝක කුසලානය 2026 සියලු තරගත් ටීවි සුප්‍රීම් සංඛ්‍යාත ඔස්සේ මෙරට ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිය හැකි වනවා.
මෙම ගිවිසුම අනුව පිරිමි සහ කාන්තා ICC ක්‍රිකට් ලෝක කුසලානය, පිරිමි කාන්තා ICC T20 ලෝක කුසලානය, ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය සහ 2026-2028 කාලය තුළ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරගාවලි සියල්ලෙහි ම දේශීය නිදහස් සංඛ්‍යාත තරග විකාශන අයිතිය සතු වන්නේ කවදත් ක්‍රීඩාවට මුල් තැන දෙන ටී.වී සුප්‍රීම් නාලිකාවටයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ඔස්ට්‍රේලියා බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලිය, කැරිබියන් ප්‍රිිමියර් ලීග් තරගාවලිය ආදී ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි පමනක් නොව දේශීය පාපන්දු තරග ආදිය පවා නිරන්තරයෙන් සජීවීව ඔබ වෙත ගෙන එමින් TV Supreme මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ මනදොල සපුරනවා.
මෙම අත්වැල් බැඳගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ICC ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා මහතා කියා සිටියේ “ක්‍රීඩාව වර්ධනය කිරීම ICC හි උත්සාහයයි, ඔවුන් ක්‍රීඩාවේ උච්චතම අවස්ථාවන් සඳහා රසිකයින්ට තිරය මත ප්‍රවේශය පුළුල් කිරීමට කැපවී සිටී. Dialog Television සහ TV Supreme අතර මෙම නව හවුල්කාරිත්වය එම ඉලක්කය කරා යන වැදගත් පියවරක් නියෝජනය කරන අතරම එය, ක්‍රීඩාව ශ්‍රී ලංකාව පුරා පුළුල්ම ප්‍රේක්ෂකයින් වෙත ගෙන යෑමක්ද වන බව පවසා සිටියා.
ඒ වගේම මෙම වසරේ ICC පිරිමි T20 ලෝක කුසලානය සහ ලබන වසරේ ICC කාන්තා චැම්පියන්ස් කුසලානය සම සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ශකයින්ට වඩාත් පුළුල් නව පරම්පරාවේ ක්‍රිකට් ආශ්වාදයක් මේ හරහා ලබා දීමට හැකි වෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.
Dialog Axiata හි අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා අදහස් දක්වමින්…“ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවට විශේෂ ස්ථානයක් හිමි වන අතර, මේ ක්‍රීඩාව පවුල් සහ ප්‍රජාවන් එකට ගෙන එමින් එය පරම්පරා ගණනාවක් පුරා බෙදා ගන්නා අවස්ථා නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම Dialog Television 2026 සිට 2028 දක්වා සුවිශේෂී ICC මාධ්‍ය අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, ශ්‍රී ලාංකිකයන් ලෝකයේ විශාලතම ක්‍රීඩා අවස්ථා අත්විඳින ආකාරය හැඩගැස්වීම සඳහා අපගේ වන දිගුකාලීන කැපවීම පිළිබිඹු කරනවා. අපගේ නිදහස් සංඛ්‍යාත විකාශන සහකරු වන TV Supreme සමඟ එක්ව, දිවයින පුරා සිටින රසිකයින්ට ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේශ විය හැකි නැවුම් නැරඹුම් අත්දැකීමක් අපි ගොඩනඟමින් සිටිමු.” යනුවෙන් කියා සිටියා.
මෙහිදී අදහස් දැක්වූ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී තම්බිතුරෙයි ලෝකේෂ්වරන් මහතා පැවසුවේ ක්‍රිකට් අපගේ දිගුකාලීන දැක්ම සහ විශ්වීය ප්‍රවේශය සඳහා කැපවීමේ හදවත බවයි.
එමෙන්ම ICC ජාත්‍යන්තර තරගාවලි සඳහා දේශීයව නිදහස් සංඛ්‍යාත විකාශකයා ලෙස Dialog සමඟ අපගේ හවුල් වීම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සුබ පණිවිඩයක් වන අතරම 2026, 2027 සහ 2028 ICC ලෝක කුසලාන තරඟාවලි සෑම එකක්ම ප්‍රේක්ෂක රස වින්දනයට බාධා නොවන පරිදි ගෙන ඒම අපගේ බලාපොරොත්තුව වන අතරම, ක්‍රීඩාව හරහා අපගේ සම්බන්ධතාවය සහ ජාතික ප්‍රගතිය ශක්තිමත් කිරීමත් එක් අරමුනක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙම තරගාව ලි වල නිල දේශීය නිදහස් සංඛ්‍යාත විකාශන අයිතිය ලැබීමත් සමඟ ටී.වී සුප්‍රීම් විකාශන පරාසයන් තවත් ශක්තිමත් කරමින් මෙරට ක්‍රිකට් ලෝලී ප්‍රේක්ෂකයින්ට නවමු අත්දැකීමක් ගෙන දීම සඳහා සූදානම් වනවා.
සූදානම්ව සිටින්න ටීවී සුප්‍රීම් සමඟ මින් පෙර නොවිඳී ක්‍රිකට් අත්දැකීමක උණුසුම ඔබේ නිවසේ විසිත්ත කාමරයේ සිට විඳගන්නට.

Share