විෂයමාලා ප්‍රතිසංස්කරණය යටතේ හඳුන්වා දුන් 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදයට තුඩු දුන් පාඩම සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන උපදේශක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මේ බව සඳහන් කළා.





