පසුගිය නොවැම්බර් අග භාගයේ මෙරටට බලපෑ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් නායයයෑමට ලක් වූ ශ්‍රී පාද මහගිරිදඹ ප්‍රදේශය, ප්‍රතිසංස්කරණය කර, යළි වන්දනාකරුවන් සදහා විවෘත කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය පසුගිය දෙසැම්බර් 11 වැනිදා ආරම්භ කරන ලද අතර, සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සපයනු ලැබුවා.
අඩි 300ක් දිග මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක් සහ ආරක්ෂිත බැම්මක් ඉදි කෙරුණු අතර වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, මාර්ගය දිගේ අත්වැල් ද සවි කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළා.





