පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගනි

රටක පාලනය සහ නායකත්වය යනු දෙකක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් පවසනවා.
අනු නා හිමියන් මේ බව පැවසුවේ සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා තමන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දී. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඊයේ මහනුවරට පැමිණි ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ අනු නා හිමිවරුන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් බැහැ දුටු දිලිත් ජයවීර මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ද උන්වහන්සේ සමග සාකච්ඡා කළා.

Share