වැය කළ හැකි ප්‍රතිපාදන සීමා සහිත වුවද අමාත්‍යාංශ ලේකම්වරුන් නිසි කළමනාකරණයෙන් රටේ සංවර්ධන අරමුණු ජයගත යුතු බව ජනාධිපති අනුර කුමාර මහතා පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ප්‍රාග්ධන වියදම් නිසි පරිදි වැය කර භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම නිසා මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර සාකච්ඡාවක් අද පවස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ප්‍රාග්ධන වියදම් ලෙස කොපමණ මුදල් වෙන් කළද ප්රශස්ත මට්ටමින් ඒවා වැය කර අවශ්‍ය භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීමට මෙතෙක් පැවති රාජ්‍ය යාන්ත්‍රණය අසමත් වීම නිසා මෙරට ජනතාවට සංවර්ධන අවස්ථා බොහොමයක් මඟහැරී ගිය බවයි.
අමාත්‍යාංශ වෙත මුදල් වෙන් කර ඇත්තේ ‘රටේ අත්‍යවශ්‍යතාවලට ප්‍රමුඛතාව’ යන පදනමින් බව ජනාධිපතිවරයා ලේකම්වරුන් හමුවේ පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මූලික වගකීම වන්නේ වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කරමින් අපේක්ෂිත භෞතික ප්‍රගතිය ළඟා කර ගැනීම බවත්, යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම යනු ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වීමක් බවත් ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය තිබෙනවා.





