දශක තුනකටත් වැඩි කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අල් ජසීරාහි අරාබි ජනප්‍රිය නිවේදක ජමිල් අසාර් 89 හැවිරිදි වියේ දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජෝර්දානයේ උපත ලැබූ අසාර්, බීබීසී අරාබි සේවයෙන් පුවත්පත් කලාව පිළිබඳ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
1996දී අල්-ජසීරා ආරම්භ කරන අවස්ථාවේ දී එහි සේවයට එක් වූ ජමීල් ඉදිරිපත් කරන්නෙක්, ප්‍රධාන කර්තෘ, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයෙක් ඇතුලු භූමිකා රැසක් ඉටු කළ අයෙක්.




