හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලයට අයත් ලොරියක් අමාත්‍යවරයාට අයත් එතනෝල් නිෂ්පාදන ආයතනයකට යොදා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළා.
ඊට අදාළව පොලිසිය සොයමින් සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ අද දින පෙනී නොසිටියොත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නා බව පොලීසිය දැනුම් දී තිබූ පසුබිමකයි.
හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු අද පෙරවරු 10ට පමණ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් ඉදිරිපත් කෙරුණේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙතයි.
මෙම විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
මෙම සිද්ධියට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අත්අඩංගුටවට ගත් එවකට ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකාරු ලෙස රාජකාරි කළ ඉන්දික රත්නමලල ද ඊයේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.





