ජොන්ස්ටන් FCID හමුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරු 10ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියා.
ඒ සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දිනයේ පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියොත් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නා බව පොලීසිය දැනුම් දී තිබූණා.
එවන් පසුබිමක ඔහු අද පෙරවරු 10ට පමණ එහි පෙනී සිටියා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයක් විමර්ශනයක් සිදු කරනවා.

සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එවකට සතොස ආයතනයේ ප්‍රවාහන කළමනාකරු ලෙස සේවය කළ ඉන්දික රත්නමලල ද ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

Share