ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට නරක අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතාවල පස්වන දිනය ගත වෙද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නිරිතදිග ඉරානයේ ලෝර්ඩෙගන් නගරයේ දී විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර ඇති වූ ගැටුම්වලින් දෙදෙනෙකු මියගොස් ඇති අතර බටහිර ඉරානයේ අස්නා හිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු සහ කෞඩාෂ්ට් හි තවත් අයෙකු මියගොස් තිබෙනවා.
බොහෝ විරෝධතාකරුවන් රටේ උත්තරීතර නායකයාගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා ඇති අතර, ඇතැම් පිරිස් රාජාණ්ඩුව නැවත ලබාදෙන ලෙසත් ඉල්ලා සිටින බව සඳහන්.





