ලොව විශාලතම විදුලි වාහන අලෙවිකරු වන එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට චීනයේ BYD සමත් වී තිබෙනවා.
පසුගිය වසරේ BYD අලෙවිය 28% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඇස්තමේන්තුගත වාර්තාවන්ට අනුව පසුගිය වසර පුරාවට BYD වාහන මිලියන 1.65 ක් පමණ අලෙවි කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ටෙස්ලා තවමත් එහි අවසන් සංඛ්‍යාලේඛන නිකුත් කර නොමැති අතර, 2025 දෙසැම්බර් 29 වන දින නිකුත් කල වෙළඳපල ඇස්තමේන්තුවට අනුව දළ වශයෙන් ටෙස්ලා වාහන මිලියන 1.64 දක්වා සියයට 8 කින් පමණ පහත වැටීමක් ද පෙන්නුම් කෙරෙනවා.




