ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන මේ වන විට 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගින්න එරට වේලාවෙන් ඊයේ අළුයම 1:30ට පමණ හටගෙන ඇති බව සඳහන්.
ගින්න හටගත් අවන්හල තුළ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා සාදයක් පවත්වා ඇති අතර එහිදී දල්වූ ඉටිපන්දමක්, ෂැම්පේන් බෝතලයකට ඇවිලීමෙන් ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් 10ක්, ගිලන් රථ 40ක් සහ හදිසි සේවකයින් 150ක් යොදවා තිබෙනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයින් 400කට අධික පිරිසක් එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.





