බ්‍රසීල ජනාධිපති ලුලා ඩි සිල්වා ඉන්දියාවේ සංචාරයකට සූදානම් වෙයි

බ්‍රසීල ජනාධිපති ලුලා ඩි සිල්වා 2026 පෙබරවාරි දෙවන සතියේ ඉන්දියාවේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පොහොර, කෘෂි ව්‍යාපාර සහ තාක්‍ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර වෙළඳාම සහ ආයෝජන සඳහා නව මාර්ග විවෘත කිරීම මෙම සංචාරයේ අරමුණයි.
මෙම සංචාරයේ දී ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ශක්තිමත් කරමින් දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳාම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20 දක්වා ඉහළ නැංවීමේ ඉලක්කයක් තබා ඇති බවද සඳහන්.
මේ අතර, රියෝ ද ජැනයිරෝ හි පැවති, බ්‍රික්ස් සමුළුවේදී අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ඉස්මතු කරන ලද සංස්කෘතිය, සංචාරක සහ ක්‍රීඩා ප්‍රමුඛතා වැනි බල ක්ෂේත්‍රවල බ්‍රසීලය සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට අදහස් කෙරෙන බව වාර්තා වෙනවා.

Share