නව වසර සැමරුම් අතරතුර ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි Vondelkerk දේවස්ථානය තුල ගින්නක්

නව වසර සැමරුම් අතරතුර නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගර මධ්‍යයේ පිහිටි වසර 154ක් පැරණි Vondelkerk දේවස්ථානය තුල ගින්නක් හටගෙන තිබෙනවා.
1872 වසරේ ඉදිකරන ලද ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම දේවස්ථානයේ මධ්‍යම රාත්‍රියෙන් පසු හටගත් ගින්නක් හේතුවෙන් මෙලෙස විනාශ වී තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් එහි මීටර් 50ක් පමණ උසැති කුළුණ සහ වහලය කඩා වැටී අති අතර ගින්න පාලනය කිරීම සඳහා නෙදර්ලන්ත නාවික හමුදාව සතු මීටර් 60 ක් උසැති වේදිකාවක් ද යොදා ගැනුනා.
මේ අතර අවට නිවාස රැසක ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා.
ගින්නට හේතුව මෙතෙක් ස්ථිරවම අනාවරණය වී නැතත්, නව වසර වෙනුවෙන් දැල්වූ ගිනිකෙළි මීට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.
මෙවර නව වසර වෙනුවෙන් නෙදර්ලන්ත වැසියන් ඇමරිකානු ඩොලර් මිලියන 151 ක් වැනි වාර්තාගත මුදලක් ගිනිකෙළි සඳහා වියදම් කර ඇති බවද වාර්තා වෙනවා.

Share