සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින රාත්‍රීයේ දී කොහුවල දී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.
නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොහුවල බෝධියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරු අවශ්‍ය කරන අයෙක් බවයි.
සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු හඳුනා ගැනීමෙන් පසු එම සැකකරුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පියෙකු විසින් සිතුවම් කර තිබෙනවා.
අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් දුරකථන අංක වන 071-8591669 මගින් කොහුවල පොලිස් ස්ථානයයේ ස්ථානාධිපති වරයාට හෝ 071-4146727 මගින් අපරාධ විර්මශන අංශය ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share