කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්රදේශයේදී 16 හැවිරිදි තරුණියකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී වෙඩි තැබීමට යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවියක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළා.





