අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපනයේ වගකීම පැහැර හැර ඇතැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පවසයි

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසි ලෙස අධීක්ෂණය කළේ නම් වර්තමානයේ උද්ගතව ඇති ආකාරයේ ගැටලු පැන නොනගින බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ හිටපු සභාපති පද්මිණී රණවක මහත්මිය පෙන්වා දෙනවා.
ඇය අවධාරණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ සහ එහි ලේකම්වරයා සිය ජාතික වගකීම නිසි ලෙස ඉටුකළේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට සිදු නොවන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය 6 වසර සිසුන් සඳහා හඳුන්වා ‌දුන් ඉංග්‍රීසි මොඩියුලයක් සම්බන්ධ ගැටලුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතු කර තිබෙනවා.
එම මොඩියුලය සම්බනධ ගැටලුව කුමන්ත්‍රණයක් විය හැකි බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.
කෙසේ නමුත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පෙන්වා දෙන්නේ අදාළ මොඩියුලය සකස් කර මුදණය කර අවසන් වන තෙක්ම අධ්‍යාපන අමාත්‍යාංශය මෙම සිදුවීම නොදැන සිටියේ නම් ඒ් අමාත්‍යාංශය, අධ්‍යාපනයේ වගකීම පැහැර හැර ඇති බව තහවුරු කරන සිදුවීමක් බවයි.

Share