දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

දිවයිනේ මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වව්නියාව, මන්නාරම, අම්පාර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටත් අද රාත්‍රියේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා
මීට අමතරව සෙසු ප්‍රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ
එසේම හෙට දිනයේදී උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share