බංග්ලාදේශයේ හිටපු අගමැති ඛලීඩා සියාගේ අවමංගල්‍ය උත්සවය බංග්ලාදේශයේ – ඩකා අගනුවරදී

බංග්ලාදේශයේ හිටපු අගමැති ඛලීඩා සියාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද පෙරවරුවේ බංග්ලාදේශයේ – ඩකා නුවර බලා පිටත්ව ගියා
ඒ බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ ඛලීඩා ෂියාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහායි.
අභාවප්‍රාප්ත බෙගම් කළීඩා ශියා් සැලකෙන්නේ බංග්ලාදේශ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන නායිකාවක ලෙසයි.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඩකා නුවර එවර්කෙයාර් රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබූ ඇය මියයන විට 80 වැනි වියේ පසුවුණා

Share