වාර්ෂික ප්‍රසාද දීමනා ඉල්ලා ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා
මෙම උද්ඝෝෂණය සඳහා ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවන් 50ක පමණ පිරිසක් එක්ව සිටියා
එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් මහතා අනාවරණය කළේ දැනට 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප් දෙකක ප්‍රමාණයක් පමණක් ලබා දී ඇති බවයි.

Share