සමගි ජන බලවේගය මගින් රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ

වත්මන් රජයට ජනතාව බලය ලබා දුන්නේ පැවැති රජයේ ඖෂධ මාෆියාව ඉදිරියට ගෙන යාමට නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ හුස්ම වැඩසටහන යටතේ මහියංගනය මූලික රෝහලට සෞඛ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනකට ඊයේ එක් වෙමින්.
මේ අතර විපක්ෂ නායකවරයා ඇලහැර අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු නිරික්ෂණයටද ඊයේ රාත්‍රී එක් වුණා.

පසුගිය නොවැම්බර් මස 27 වනදා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ලෝක උරුම ඇලහැර අමුණේ පස් බැම්ම බිඳි ගියා.

මේ හේතුවෙන් යෝධ ඇල ඔස්සේ ජලය ලබාගත් ඇලහැර , ගිරිතලේ , මින්නේරිය , කවුඩුල්ල , කන්තලේ ගොවි ව්‍යාපාර රැසක ජනතාව වගා කටයුතු සඳහා ජලය සපයා ගැනීමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.
මේ වන වැලි කොට්ට යොදා තාවකාලිකව එය පිලිසකර කරමින් තිබෙනවා.
මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු 95 % ක් පමණ අවසන්.
එම කටයුතු නිරීක්ෂණය කිරීමට ඊයේ රාත්‍රී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද පැමිණියා.

ඇළහැර අමුනේ ඉදිකිරිම් කටයුතු සඳහා සහය දක්වන ආරක්ෂක අංශ සාමාජිකයන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟද විපක්ෂනායකවරයා සුහද කතාබහක නිරත වුණා.

මේ අතර සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ ගංවතුර හේතුවෙන් හානියට පත් වූ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණේ ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

Share