ශ්රී ලංකා හිටපු වේග පන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද් අමෙරිකා ජාතික ක්රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
42 හැවිරිදි වියේ පසුවන ධම්මික ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 25ක්, එක්දින තරග 24ක් සහ T20 තරගයක් ක්රීඩා කර තිබෙනවා.
ධම්මික ප්රසාද් දවාගෙන ඇති ටෙස්ට් ගණන කඩුලු 75ක් වන අතර එක්දින කඩුලු ගණන 32ක්.
ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන පෙබරවාරි මාසයේ ආරම්භ වන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී අමෙරිකාව A කාණ්ඩයේ තරග වදිනවා.
එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන්නේ ඉන්දියාව, පකිස්ථානය, නෙදර්ලන්තය සහ නැමීබියාවයි.





