දරුණු ශීත කුණාටුවක බලපෑමෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු‍යි

දරුණු ශීත කුණාටුවක බලපෑම හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර හෝ ප්‍රමාද වී තිබෙනවා.

ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන FlightAware ට අනුව සිකුරාදා රාත්‍රිය වන විට ඇමරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් 1,600 ක් අවලංගු කර ඇති අතර 7,400 ක් ප්‍රමාද වී ඇතැයි සඳහන්.

එරට වේලාවෙන් සෙනසුරාදා පස්වරු 4:00 දක්වා ශීත කුණාටු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර නිව් යෝර්ක් සහ දකුණු කනෙක්ටිකට් හි අඟල් 9ක පමණ හිම පතනයක් අපේක්ෂා කෙරෙනවා.

Share