විදේශ සහනාධාර සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීම ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

විදේශ සහනාධාර සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවේ පස්වන රැස්වීම, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශීය මානුෂීය ආධාර කළමනාකරණය, සම්බන්ධීකරණය සහ ඒවා ඵලදායී ලෙස බෙදා හැරීම ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වුනා.
මෙම හමුවේදී විදේශ ආධාර ගබඩා කළමනාකරණය කිරීමේ වගකීම් පැවරීම මෙන්ම, සහන ද්‍රව්‍ය නිවැරදිව භාර ගැනීම සහ ඒවා පිළිබඳ සොයා බැලීම සඳහා නිර්මාණය කළ තොරතුරු තාක්‍ෂණ පාදක සටහන් තැබීමේ පද්ධතිය විධිමත් ලෙස භාරදීම සහ භාවිතයට ගැනීම පිළිබඳව ද විශේෂ අවධානය යොමුව තිබෙනවා.

Share