බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 19ක් පිහිටුවීමේ ඊශ්‍රායල් සැලැස්මට රටවල් 14ක් දැඩි විරෝධය

බටහිර ඉවුරේ නව ඊශ්‍රායල ජනාවාස 19ක් පිහිටුවීමේ ඊශ්‍රායල් සැලැස්මට බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය ඇතුළු රටවල් 14ක් දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඊශ්‍රායලයේ මෙම උත්සාහය, ජාත්‍යන්තර නීතියට පටහැනි බවත්, එය, ගාසා සටන් විරාමය උල්ලංඝනය කිරීමක් මෙන්ම දිගු කාලීන කලාපීය සාමයට සහ ආරක්ෂාවට එල්ල කරන තර්ජනයක් වන බව යුරෝපා රටවල්14ක් ඒ්කාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඊශ්‍රායලය විසින් තම දේශ සීමාවට ඈඳාගෙන සිටින පලස්තීනයට අයත් බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් පිහිටුවීමේ යෝජනාවකට පසුගිය දා එරට ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
එම සැලැස්ම ප්‍රතික්ෂේප කරන රටවල් අතරට, බෙල්ජියම, ජර්මනිය, ඉතාලිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නොර්වේ සහ ස්පාඤ්ඤය ද ඇතුළත්.

Share