අම්පාර, මඩකලපුව මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දිනය තුළ වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
‍මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%ක් කුමන හෝ ආපදා අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පෙන්වා දෙනවා.
නායයෑම් අවදානම් ප්‍රදේශවල පදිංචිකරුවන් රජයෙන් ඉල්ලා සිටින්නේ අවදානම සලකා සුදුසු ස්ථානයක තමන් යළි පදිංචි කරවීමට පියවර ගන්නා ලෙසයි.

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් නාය යාමට ලක්වූ පස්සර කනවැරල්ල හා පස්සර ඇල්ල මාර්ගයේ කනවැරල්ල පාලම ආසන්නයේ ඇති නිවාසවලට දැඩි හානි සිදුව තිබුණා.
එහිදී ඇතැමුන්ට දිවි අහිමි වුවද දේපල විනාශ වුවත් ජීවිත හානි නොවූ පිරිසක් ද ඒ අතර සිටිනවා.
එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවදානම් ප්‍රදේශවල සිටින තමන් සුදුසු ප්‍රදේශයක යළි පදිංචිකරවීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 68%ක් කුමන හෝ ආපදා අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. මේ අතර, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්ලෙන්ඩවන් වත්ත අංක 5 කොටසේ පදිංචි පවුල් තිස් දෙකක් නාය යාමේ අවදානම හේතුවෙන් තාවකාලිකව ඉවත් කොට තිබෙනවා.

මේ අතර, මාතර මාධ්‍යවේදියෝ සෙනෙහසේ අත්වැලේ සිව් වන අදියර පොල්රුප්පාවෙන් තල්රුප්පාවට වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළා.
දිට්වා සුලි කුනාටුවෙන් ආපදාවට ලක්ව සිටින සහෝදර මාධ්‍යවේදීන්ට ශක්තියක් විමේ අරමුනින් මාතර මාධ්‍යවේදියෝ සංවිධානය ආරම්භ කරන ලද මෙම වැඩසටහන යට‍තේ පුත්තලම දිස්ත්‍රික්කය හා උතුරු පළාතේ වැඩසටහන් සාර්ථකව අවසන් කළ බව එම සංවිධානය පවසනවා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඌව පළාතෙත්, අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද දවසේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

සබරගමුව පළාතේ මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව පමණ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.

සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි

Share