සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි T20 තරගය කඩුලු හතකින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා ක්රීඩිකාවන්ට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.
හර්ෂිතා සමරවික්රම ලකුණු 33ක් සහ චමරි අතපත්තු ලකුණු 31ක් ලබා ගත්තා.
ඉන්දීය කුීඩිකාවන් 12 වැනි පන්දුවාරයේදී තරගය ජයගත්තේ කඩුලු තුනක් පමණක් දැවි තිබියදී.
ෂෆාලි වර්මා නොදැවී ලකුණු 69ක් රැස් කළා.
තරගාවලිය 2- 0ක් ලෙස ඉන්දීය කණ්ඩායම පෙරමුණේ පසුවනවා.





