චිලී රාජ්‍යයේ අන්ත දක්ෂිණාංශික රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජෝස් ඇන්ටෝනියෝ කස්ට්, එරට ජනාධිපතිවරණය ජය ගත්තා.
එය ලතින් ඇමරිකානු ජාතියේ දේශපාලන භූ දර්ශනයේ ප්‍රධාන වෙනසක් සනිටුහන් කරන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.
චිලී රාජ්‍යය දකුණු ඇමරිකාවේ ආරක්ෂිතම සහ ස්ථාවර රටවලින් එකක් වන, නමුත් මෑත වසරවල සංක්‍රමණ සහ සංවිධානාත්මක අපරාධ වැඩිවීමේ අර්බුදයට මුහුණ දී සිටියා.
ජනාධිපතිවරණයේ ප්‍රමුඛතම සටන් පාඨයක් වූ මෙම අර්බුද විසඳීම කස්ට්ගේ පොරොන්දු අතර තිබුණා.





