මේ දිනවල දිවයිනේ උතුර,උතුරු මැද සහ බස්නාහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය 150ත් 200ත් අතර අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ ඊසාන දිග මෝසමේ සුළං ප්‍රවාහය සක්‍රීය වීම මෙම තත්ත්වයට හේතුවයි.
අවදානම් කාණ්ඩවල පිරිස් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙරට බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමක පවතින බව වාර්තා කර තිබෙනවා.
කොළඹ,බත්තරමුල්ල,නුගේගොඩ,රත්නපුර,කලවාන,ගාල්ල,පොලොන්නරුව,හලාවත,නුරාධපුරය යන ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගයන් අද උදෑසන 10 වන විට සෞඛ්‍යට අහිතකර මට්ටමක පැවතියා.
එම ප්‍රදේශ අතරින් වායු දර්ශක අගය ඉහළම මට්ටමක පවතින්නේ පොළොන්නරුව ප්‍රදේශය වන අතර එම අගය 190ක්. කෙසේවෙතත් මෙම වායුගෝලයේ ගුණාත්මකභාවයේ පහළ යෑම සංවේදී පුද්ගලයන්ට අහිතකර වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
මේ අතර දිට්වා සුලි කුණාටුවෙන් පසු හැටන් දික්ඔය නගර සභා සීමාවේ නගර සභාවේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ නොමැතිව සිදුකරන සියලු ඉදි කිරිම් වහාම නතර කරන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන දැනුවත් කෙරුණා.
මේ අතර දොළුව – පුපුරැස්ස ඩේසන් වතු යායේ නිවාස කිහිපයක්ම ගිලා බැස ගොස් බිත්ති කැඩීයාම හේතුවෙන් පවුල් 20ක් පමණ ඩේසන් ඩෙල්ටා දෙමළ විද්‍යාල තාවකාලිකව රඳවනු ලැබ සිටිනවා.
නාවලපිටිය – දොළොස් භාග රාක්ෂාව යන ප්‍රදේශයේ ද නිවාස කිහිපයක්ම පුපුරා ගොස් ගිලා බැසීම හේතුවෙන් පවුල් 39ක් පමණ පිරිසක් ඉවත් කර තිබෙනවා.




