අභ්‍යවකාශයට ගිය ලොව ප්‍රථම රෝද පුටු භාවිතා කරන්නා ලෙස ජර්මනියේ ඉංජිනේරුවරියක් වාර්තා පොත් අතරට එක් වුණා.
කඳුකර බයිසිකල් පැදීමක් අතරතුර වසර 7කට පමණ පෙර සිදු වූ අනතුරකින් සුෂුම්නාවට හානි වූ මයිකල් බෙන්තාස් අභ්‍යාවකාශ සංචාරක සමාගමක් වන බ්ලු ඔරිජින් සමග එක්ව මෙම ෙඑතිහාසික ගමන සම්පූර්ණ කළා.
බෙන්තාස් තවත් පස්දෙනෙකු සමගින් මිනිත්තු 10 ක පියාසැරියකින් පසු ජාත්‍යන්තරව පිළිගත් අභ්‍යවකාශ සීමාව වන කර්මන් රේඛාව තරණය කර තිබෙනවා.





