ශ්රී ලංකාවේ සහ ඉන්දියාවේ සමසත්කාරකත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය ඊයේ ප්රකාශයට පත් කළා.
වත්මන් පන්දුවාර 20 ලෝක ශූර ඉන්දීය කණ්ඩාටමට සූර්ය කුමාර් යාදෙව් විසින් නායකත්වය ලබා දෙනු ඇති.
අක්සාර් පටෙල් උපනායකත්වය දරනවා.
ඉන්දීය ලෝක කුසලාන සංචිතයෙන් ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් ඉවත් කර ඒ වෙනුවට ඉෂාන් කිෂාන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, ඉන්දියාව සහභාගීවන පළමු තරගය එදිනම ඇමරිකාව සමඟ මුම්බායී හීදී පැවැත්වෙනවා.





