හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී ලොරි රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට

ඩයගම සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක සිටි මගීන් දෙදෙනෙකු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දිඹුලපතන මංසන්ධියේදී බසයෙන් බැසයන අවස්ථාවේ ලොරි රථයක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදු වුණා
ලොරි රථයේ රියැදුරු දිඹුලපතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, රියැදුරුට නින්ද යෑමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ

Share